Thursday, December 26, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 358කට සීමා වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම පිතිකරුවන් අද දිනයේදී ලකුණු 358කට දැවී ගියා.

රයන් රිකෙල්ටන් සහ කයිල් වෙරයින් දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ශතක වාර්තා කළා. 

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 79ට කඩුලු 04ක් බිඳ හෙළුවා. අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුලු 03යි. 

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135ක්. 

ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 64ක් රැස් කරගෙන සිටියා. 

අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් දිනේෂ් චන්දිමාල් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 38ක්.