Friday, January 24, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 328කට සිමා වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කඩුලු දෙකක් දැවී ලකුණු 96 ක් රැස්කරගෙන සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 328 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 89 ක් ලබාගත් අතර දිනේශ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 44 බැගින් ලබා ගත්තා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 358 ක් පමණයි. 

රයන් රිකෙල්ටන් සහ කයිල් වෙරයින් දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් ශතක වාර්තා කළා. 

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 79 ට කඩුලු 04 ක් බිඳ හෙළුවා. 

අසිත ප්‍රනාන්දු ලකුණු 102 කට කඩුලු 03 යි.