දකුණු කොරියානු ජනාධිපතිට එරෙහිව විපක්ෂය ගෙනආ දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වී තිබෙනවා.
දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පැවැත් වුනු අතර දෝෂාභියෝගය පරාජයට පත් වූයේ, පාර්ලිමේන්තුවේ අවශ්‍ය ගණපූරණය සපුරා නොතිබූ බැවිනි.
දෝෂාභියෝගය සම්මත කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ සභාවෙහි සාමාජිකයින් 300 න් 200කගේ ඡන්දය අවශ්‍ය වනවා
ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ ජනාධිපතිවරයා නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් ඉවත්වී ගොස් තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී එහි සිටියේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණි.
ඒ අනුව ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව ගෙනආ දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත් විය.
දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනි.