සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 205 ක් රැස් කරගෙන සිටියා.
මෙම තරගය ජය ගැනීම සඳහා දෙවන ඉනිමේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය ලකුණු 348 ක්.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 143 ක් අවශ්‍ය වනවා.
ඊයේ තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ලකුණු 39 බැගින් රැස් කරගෙන සිටියා.
ඔවුන් දෙදෙනා අතර 06 වන කඩුල්ල වෙනුවෙන් මේ වන විට ලකුණු 83 ක සබඳතාවක් ගොඩනැගී තිබෙනවා.
ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 35 ක් සහ ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 32 ක් රැස් කළා. දිනේශ් චන්දිමාල් ලකුණු 29 යි.
පැතුම් නිස්සංක ලකුණු 18 කට දැවී ගිය අතර දිමුත් කරුණාරත්නට ලබාගත හැකි වුනේ එක් ලකුණක් පමණයි.