පිලිපීනය, එක්සත් ජනපදය සහ ජපානයේ සන්නද්ධ හමුදා දකුණු චීන මුහුදේ මැනිලා හි සුවිශේෂී ආර්ථික කලාපය තුළ විශේෂ හමුදා පුහුණු සැසියක් පැවැත්වූ බව එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානය පවසනවා.
ආරක්ෂක උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටිවල අන්තර් ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම මෙම අභ්‍යාසවල අරමුණ බවයි එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දී ඇති භූමි ප්‍රදේශයක් වන Scarborough Shoal පදනම් කර ගනිමින් පිලිපීනය සහ චීනය අතර හටගත් නවතම අර්බුධයෙන් දින දෙකකට පසුව මෙම ක්‍රියාකාරකම සිදුවූ බව වාර්තා වනවා.
පිලිපීනය චෝදනා කළේ චීනය සිය වෙරළාරක්ෂක යාත්‍රාවලට ජල ප්‍රහාර එල්ල කළ බවටයි.
කෙසේවෙතත් එම ක්‍රියාවන් නීත්‍යානුකූල සහ වෘත්තීය ක්‍රියාවක් බව චීනය්ස් පවසනවා.
මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා, ජපානය සහ පිලිපීනය දකුණු චීන මුහුදේ සමුද්‍රීය ආරක්ෂාව සහ නිරීක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා යෙන්-බිලියන 1.6 ක ආරක්ෂක ආධාර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන්.