ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය යටතේ දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද යළි දිවයිනට පැමිණියා.
පළමු තරඟයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරඟ ඉනිම්වලදී තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිස හොඳින් ක්‍රීඩා කළ බවයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවේ.
දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්ත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරඟාවලියට ක්‍රීඩා කළ බවත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ධනංජය ද සිල්වා එහිදී ප්‍රකාශ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ සඳහා ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ටේ්රලියා තරඟාවලිය පිළිබඳ තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද ඔහු එහිදී පවසා තිබෙනවා.