Wednesday, February 5, 2025

General line - 0115112241

ලංකා ටී ටෙන් තරඟාවලියේ ගෝල් මාවල්ස් හිමිකරු අත්අඩංගුවට




ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින්. 

එම තරඟාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරඟ මුදලට පාවා දීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියකට අදාළව එම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.