වෙළඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සිය ආදායම ද සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව සිල්ලර වෙළඳසැල් ව්‍යාපාරිකයින් පවසනවා.
සහල් නොමැති වීම හේතුවෙන් පාරිභෝගිකයින් වෙනත් කිසිදු භාණ්ඩයක් ද මිලදී නොගන්නා බවයි එම ව්‍යාපාරිකයින් පැවසුවේ.
මේ අතර වෙළඳපොළේ සහල් නොමැති වීම හේතුවෙන් මෙවර නව වසර වෙනුවෙන් පාරිභෝගිකයින් වළං මිලදී ගැනීම ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව එම වෙළඳුන් පැවසුවා.