පාරිභෝගිකයින්ට සහනදායී මිලකට ටින් මාළු ලබාදීමට ඒ සඳහා පනවා ඇති වැට් බද්ධ ඉවත් කරන්නැයි ටින් මාළු නිෂ්පාදකයින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සමඟ ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.
ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම හේතුවෙන් මත්සයින් මිලදී ගැනීමේදී ධීවරයන්ට ගෙවීමට සිදුවන්නේ ඉතා අඩු මිලක් බවයි ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
ධීවර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් කපිල බාලසූරිය මහතා ද එහිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
පසුගිය 28 වනදා සිට බලපැවැත්වෙන පරිදි ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380 ක්.
මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ක උපරිම සිල්ලර මිල රුපියල් 180 ක් වන අතර ග්‍රෑම් 425 ක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් වනවා.
එමෙන්ම ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425 ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560 ක්.