රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 7,676 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසනවා.
ඒ, අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේදීයි.
උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම විශේෂ රථ වාහන මෙහෙයුම ආරම්භ කළේ පසුගිය 23 වනදා සිටයි.
ඒ අනුව අද උදෑසන 06.00න් අවසන් වූ පැය 24 තුළ නීතිය ක්‍රියාත්මක කළ රියදුරන් අතර 413 දෙනෙකු බීමත් රියදුරන් වනවා.
මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1,086 දෙනෙකුට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ බවයි පොලීසිය පැවසුවේ.
බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 694 දෙනෙකු සහ වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5,324 දෙනෙකුට ද පොලීසිය විසින් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ විශේෂ රථාවහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන් කරමින් සිටි ජිප් රථයක් මස්කෙලිය, බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අනතුරට පත් වන අවස්තාවේ ජිප් රථය තුල පුද්ගලයන් හත්දෙනෙකු ගමන් කර ඇති බවයි.
එහිදී තුවාල ලැබූ පුද්ගලයන් පස්දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඔවුන් බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඉන් අනතුරුව දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බවයි මස්කෙළිය පොලීසිය පැවසුවේ. කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු එලෙස තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් ගොඩකවෙල, බළංගොඩ සහ රාගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. කුඩා ළමයෙකු සහ ජීප් රථයේ රියදුරා ද සුළු තුවාල ලබා තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු ගොඩකවෙල දක්වා ගමන් කරමින් සිටි පිරිසක් බවයි පොලීසිය පැවසුවේ.
ජිප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.