පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශ කිරීම තවත් කල් යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ, පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මෙතෙක් සම්මත නොවීම හේතුවෙන්.
පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාම යෝජනා කැඳවන්නැයි විවිධ දේශපාලන පක්ෂ ඉල්ලීම් කර තිබුණා.
ඒ අනුව එම නාමයෝජනා අවලංගු කර යළි නාම යෝජනා කැඳවීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
ඒ අනුව අදාළ නාම යෝජනා අවලංගු කරන්නේ නම් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඊට අදාළ කෙටුම්පත සහ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාල කැබිනට් මණ්ඩලයේ තීන්දුව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කෙරුණා.
එම පනත් කෙටුම්පතේ සංශෝධන කිහිපයක් සිදුකර එය යළි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාර්තුවේදී පවත්වන බව ආණ්ඩුව මීට පෙර ප්‍රකාශ කළා.
ඒ අනුව මැතිවරණය පවත්වන දිනය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නිම වීමෙන් අනතුරුව ප්‍රකාශ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුණේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද දිනයෙන් අවසන් වනවා.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මෙතෙක් සම්මත නොවීම හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම තවත් කල් යන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.