කුඩා දරුවන් ආහාර සම්බන්ධ වෙළඳ දැන්වීම්වල යොදා ගැනීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, 2025 වසරේ ජනවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදියි. 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් ආහාර වෙළඳ දැන්වීම්වලට යොදා ගැනීම තහනම් කරමිනුයි අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.