Tuesday, September 17, 2024

General line - 0115112241

ද්‍රවිඩ සන්ධානයේ දෙපාර්ශ්වයක් අතර සීතල යුද්ධයක්




උතුරු පළාත් සභාවේ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු සිදු කරන ඇතැම් ප‍්‍රකාශ එම පක්ෂයේම තවත් මන්ති‍්‍රවරුන් පිරිසකගේ විවේචනයට ලක්ව තිබෙනවා.

පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් හදිසියේ මියයාම හේතුවෙන් එ් පිළිබඳ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභා නියෝජිතයන් කිහිපදෙනෙකු පසුගියදා ප‍්‍රකාශ කළා. පුනරුත්තානය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිරිසකට විෂ එන්නත් කර ඇති බවටයි ඔවුන් පවසන්නේ.

එ් අතර ඉදිරියෙන්ම සිටි මන්තී‍්‍රවරුන් වූයේ පී. රවිහරන් සහ එම්. සිවාජිලිංගම් යන දෙදෙනායි.

කෙසේ වෙතත් එම පළාත් සභාව නියෝජනය කරන තවත් මන්තී‍්‍ර කණ්ඩායමක මතය වී ඇත්තේ මෙවැනි කථා ජනපි‍්‍රයත්වය උදෙසා සිදු කෙරෙන එ්වා බවටයි.

මෙම විෂ එන්නත් කිරීමක් සිදු කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන අමත්‍යවරයා අදාළ වගකිවයුතු පාර්ශ්වවලට දැනුම් දි ඇතත් මේ දක්වා එවැනි කමිටුවක්ද පත්කර නැහැ.