Wednesday, February 5, 2025

General line - 0115112241

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද




විදුලි ගාස්තු සංශෝධනයට අදාල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීන්දුව අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. 

දිවයින පුරා මහජන අදහස් විමසීමකින් අනතුරුව සිය අවසන් වාර්තාව සකස් කර ඇති බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසුවේ.

ඒ අනුව සිය කොමිෂන් සභාව අනුමත කරන ගාස්තු මොනවාද? එම ගාස්තු ක්‍රියාත්මක වන්නේ කුමන දිනක සිටද යන්න අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, සන්නිවේදන ජයනාත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.