රුසියානු ජාතිකයන් පිරිසක් රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක - බෙලිඅත්ත අතර 138 වන කිලෝ මීටර් කණුව ආසන්නයේදී අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී බස් රථයේ සිටි සංචාරක මඟපෙන්වන්නා සහ රුසියානු ජාතිකයින් පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන්ගෙන් 07 දෙනෙකු තංගල්ල රෝහල ඇතුළත් කර තිබෙනවා.
මත්තල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය ඉදිරියෙන් ධාවනය වූ සිමෙන්ති පැටවූ ලොරි රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රුසියානු ජාතිකයන් 25 දෙනෙකු සිට ඇති බව තිහගොඩ පොලිසිය පැවසුවා.