ඊශ්‍රායල සහ ගාසා සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා සිය ඡන්දය ප්‍රමාද කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා.
ඒ හමාස් සංවිධානය අවසන් මොහොතේ ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරමින්. ඒ අනුව සටන් විරාම ගිවිසුම පිළිබඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේවෙතත් ගිවිසුම අනුමත කිරීමට ඊශ්‍රායලය ප්‍රමාද වුවද මෙම සටන් විරාමය ඉරිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.
සටන් විරාම ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තිරයේ පුද්ගලයින් 83 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගෙවුණු පැය 24 තුළ ගාසා තීරයේ ස්ථාන 50කට පමණ බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල හමුදාව පැවසුවේ.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 46,707කට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල ජාතිකයින්ද 1,139 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එසේම දෙපාර්ශවයේම එක්ලක්ෂ දසදහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. කෙසේවෙතත් සටන් විරාමයක් ඇති වුවහොත් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවයි හූතිවරුන් පවසා ඇත්තේ.