ඇෆ්ගනිස්ථානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙමින්.
ඔහු මෙලෙස බිඳ හෙළන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩක ඩ්වේන් ඩ්‍රාවෝ කඩුලු 631ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.
2015 වසරේ සිය ක්‍රිකට් දිවිය ආරම්භ කරන විට ලොව වැඩිම පන්දුවාර විස්ස කඩුලුලාභියා බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගයි.
ශ්‍රී ලංකාවේම ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ කඩුල්ල දකුණු අප්‍රිකානු පන්දු වාර විස්ස ලීග් තරඟාවලියේදී ඊයේ බිඳ දමමින් වසර 10ක් තුළ රෂීඩ් ඛාන් ලොව වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා.
තවමත් 26 හැවිරිදි වියේ පසුවන රෂීඩ් ඛාන් මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ 461ක් ක්‍රීඩා කර තිබෙනවා. ඒ අනුව ඔහු මේ දක්වා බිඳ හෙළා ඇති මුලු කඩුලු සංඛ්‍යාව 633ක්.
ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 96කට ක්‍රීඩා කර ඇති රෂීඩ් ඛාන් එහිදී කඩුලු 161ක් බිඳ හෙළා තිබෙනවා.
ඔහු ගතවූ වසර 10දී අවස්ථා 04කදී වසරේ වැඩිම පන්දුවාර විස්ස කඩුලුලාභියා බවටද පත් වුණා.
ලොව පුරා ලීග් ක්‍රිකට් තරඟවල වඩා වැඩි ඉල්ලුමක් ඇති ක්‍රීඩකයෙකු ලෙසද රෂීඩ් ඛාන් හැඳින්වෙනවා.
ඔහු ඉන්දියාවේ අයි පී එල් තරඟාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස්, කණ්ඩායම මිලදීගෙන ඇත්තේ රුපියල් කෝටි 15 කටයි.