මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගෙන විදුලි ගාස්තු අඩුකිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ රාත්‍රි දොළහේ සිට ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඒ අනුව විදුලි ගාස්තු සමස්තයක් ලෙස සියයට 20කින් අඩු වන බවයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.
විදුලි ගාස්තු අඩු වන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා මෙලෙස පැහැදිලි කළා.
සෙසු කාණ්ඩ සඳහා විදුලි ගාස්තු අඩු වන ආකාරයද ඔහු පැහැදිලි කළා.