සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට කඩුලු 03ක් බිඳවැටී ලකුණු 75ක් රැස් කරගෙන සිටියා.
දිනේෂ් චන්දිමාල් රැස් කළේ ලකුණු 31ක් පමණයි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 06කට දැවී ගියා.
දිමුත් කරුණාරත්නට දැවී ගියේ කිසිදු ලකුණක් ලබා නොසිටියදීයි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 34ක් රැස් කරගෙන සිටිනවා.
ඕස්ට්‍රේලියානු කන්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 06ක් දැවී ලකුණු 654ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 165ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 414ක් පිටුපසින් සිටිනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟයේ සිව්වන දිනය අදයි.