Saturday, February 1, 2025

General line - 0115112241

නීති විරෝධි ඉගුරු තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට




තීරුබදු රහිතව නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඉගුරු තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී 

එම වැටලීමේදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස මෙරට ගෙන්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ඉගුරු කිලෝග්‍රෑම් 1839 ක් සැකකරුවන් දෙදෙනෙකු සහ එම ලොරි රථයට යතුරු පැදියකින් ගමන් කරමින් ප්‍රවාහනය සදහා සහය ලබාදුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුන් අවුරුදු 18, 34, 37 සහ 44 ක් වයස් වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශ වල පදිංචිකරුවන් වානවා 

කල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා