හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්වාගුව අසලදී ත්‍රිකුණාමල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුරින් වෑන් රථයේ රියදුරු හා බස් රථයේ ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති බවයි හබරණ පොලිසිය සඳහන් කර සිටියේ
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ කින්නියා 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා වයස අවුරුදු 66 ක් වූ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා
මෘත ශරීර හබරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බස් රථයේ හා වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හබරණ සහ දඹුල්ල රෝහල් වෙත ඇතුලත් කර ඇති බවයි හබරණ පොලිසිය වැඩි දුරටත් සඳහන් කර සිටියේ
හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .