ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අද සිට සියයට විසිපහක තීරුබද්ධක් අය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ කැනඩාවෙන් හා මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහායි
තවද අදාළ රටවලින් ආයනයනය කරනු ලබන තෙල් වර්ග සඳහාද අද දිනය තුළ තීරණයක් ගන්නා බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා
ඇමෙරිකා එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස පුද්ගලයින් සංක්‍රමණය වීම නතර කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් අදාළ රටවලට ඊයේ දිනය දක්වා කල් ලබාදී තිබුණා.
එය ඉටු කිරීමට අපොහොසත් වුවහොත් එම රටවල ආනයනික භාණ්ඩ සඳහා සියයට විසි පහක තීරු බදු පනවන බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ද සියයට 10ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ