කොළඹ වරාය පරිශ්‍රයේ ඩොක්යාඩ් ආයතනයේ සේවයකළ පුද්ගලයෙකු තටාකයකට වැටී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
කිමිඳුම්කරුවන් විසින් ඔහු පිටතට රැගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම පුද්ගලයා නැව් අළුත්වැඩියා කිරීම සඳහා සකස් කර ඇති තටාකයකට වැටී එලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඔහු උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු අත සේදීමට නැව් අළුත්වැඩියාව සඳහා සකස් කර ඇති තටාකය ආසන්නයේ ජල කරාමයක් වෙත ගොස් නැවත පැමිණීමේදී තටාකයට ඇද වැටී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එහිදී ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පරගහවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.