නිෂ්පාදිත වසරේ සිට වසර දෙකක් පැරණි වාහන ආනයනය කිරීමට තීරණය කිරීම ජපන් වාහනවල මිල ගණන් ඉහළ යාමට බලපා ඇති මූලික හේතුව බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ජනතාවට සාමාන්‍ය වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ.
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන අද සිට ආනයනය කිරීමට අවසර හිමි වුණා.
කෙසේවෙතත් වාහන ආනයනයට අදාළව රජය විසින් කොන්දේසි 09ක් පනවා තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කළා.
එම ගැසට් නිවේදනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙඩ් අඩවියේ ඇතුළත්.