වත්මන් දේශපාලන තත්ත්වය සහ සහල් අර්බුදය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
පළාත් පාලන මැතිවරණයට ඇති සූදානම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති නිල නිවස සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
පවතින තත්ත්වය හමුවේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල් 300 සීමාව ඉක්මවා යනු ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර වර්තමානයේ කිසිදු භේදයකින් තොරව දූෂිත දේශපාලඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.