පිලිපීනයේ වෙරළාරක්ෂක නෞකා ඡායාරූප ගත් බව පැවසෙන චීන ඔත්තුකරුවන් දෙදෙනෙකු පිලිපීනයේදී අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.
ඔවුන් තායිවාන සංචාරකයින් ලෙස පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, සැකකරුවන් දෙදෙනා පලවාන් හි නිවාඩු නිකේතනයක නැවතී සිට ඇති අතර එහිදී ඔවුන් වෙරළාරක්ෂක යාත්‍රා වල පැමිණීම සහ යාත්‍රා කිරීම් පටිගත කිරීම සඳහා හුදකලා ස්ථානයක සිට ඔවුන්ගේ දුරකථන භාවිතා කරමින් රහසිගතව සිට ඇතැයි තායිවාන මාධ්‍ය වාර්තා කළා.
පලවාන් පිහිටා ඇත්තේ දකුණු චීන මුහුදේ ආරවුල් ඇති ප්‍රධාන ප්‍රදේශයක් වන ස්ප්‍රැට්ලි දූපත් අසල වන අතර චීනය සහ පිලිපීනය අතර භෞමික හිමිකම් සම්බන්ධයෙන් මෑත වසරවලදී ආතතීන් උත්සන්න වී තිබෙනවා.
අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කිරීම සහ සංචාරක නිකේතනයේ පොල් ගස්වල කැමරා සවිකර නැව්වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රදේශයේ ජනතාව මෙම චීන ජාතිකයින් දෙපළගේ සැක කටයුතු ක්‍රියා බලධාරීන් දැනුම් දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.