Saturday, February 1, 2025

General line - 0115112241

බලුකිස්තානයේ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට




පකිස්තානයේ බලුකිස්තානයේදී සිදු වූ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට හමුදාව සහ සටන්කාමීන් පිරිසක් අතර එම වෙඩි ප්‍රහාර සිදුව ඇති බවයි. 

එහිදී හමුදා සොල්දාදුවන් 18 දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබෙනවා. 

ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් එරට හමුදාව විසින් මාර්ග බාධක ස්ථාපිත කිරීමට උත්සාහ කිරීමේදී එම වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.