නිලධාරීන්ගෙ උපදෙස් නිසා සිව්වෙනි වතාවටත් රජය අපකීර්තියට පත්වන අයුරින් වාහන ආනයනය සම්බන්ධයෙන් වාහන ආනනයකරුවෙකු වන සුජීව යකුපිටිය මහතා ජනපති වෙත ලිපියක් යොමු කර තිබෙනවා
සුජීව යකුපිටිය මහතා ජනපති වෙත යැවූ ලිපිය පහතින්
උපුටා ගැනීම
ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්‍යාලය.
නිලධාරීන්ගෙ උපදෙස් නිසා සිව්වෙනි වතාවටත් රජය අපකීර්තියට පත්වන වාහන ආනයනය 2025 සම්බන්ධවයි
ගරු ජනාධිපතිතුමාගෙ අවධානය පිනිසයි.
රට වෙනුවෙන් ඔබගෙ කැපවීම මා අගය කරමි. නමුත් වාහන ආනයනය කිරීමට පෙර පහත කරුණු කෙරෙහි, ඔබ දැනුවත් නැතිබව මා හොඳින් දනිමි. ඉතාම කෙටියෙන් ඉදිරිපත් කරඇති, පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරනමෙන් ඔබ තුමාගෙන් කරුණාවෙන් මා ඉල්ලා සිටිමි.
1). රාජ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ගැනීම. මොහුන් සැමදාම අනයනය කරන ආයතන සමග සෘජුවම සම්බන්ධයි. චක්‍රලේඛයට දාන වචන වලින් පවා හම්බ කරති. යම් ආයතන වලට වාසිවෙන ආකාරයට මේදක්වා කටයුතු කර ඇක. බොහො දෙනෙක් පාරිභොගිකයන් වෙනුවෙන් පෙනිසිටින්නෙ නැත.
2). ලක්ෂ 80කට ආනයනය කර අවුරුදු 7ක් පාවිච්චි කල වාහන වලට ලක්ෂ 250 ලෙස තක්සේරුකර ලීසිං දීලා, මඩිය තරකර ගෙන වාහන මිල විසාල ලෙස ඉහල දැමීමට ලීසිං ආයත ක්‍රියා කලෝය. එම ආයතන ආරක්ෂා කිරීමට, නොමග යවන නිලධාරීන්ගෙ උපදෙස්මත ජනාධිපතිතුමා ඉදිරිපත්වී ඇත. අලුතෙන් ගෙන්වන වාහන වල මිලද පරණ වාහන වල මිලට වඩා වැඩි කිරීමට සඳහා අඩික බදු පනවා මිල ඉහල නම්වා ඇත. එම ලීසිං ආයතන නැවත පොහොසත් කර, පාරිභොගිකයෝ අපහසුතාවයට පත්කර ඇත.
මේ පිටුපස සිටින අනෙක් ආයතන වනුයෙ රක්ෂණ සමාගම්ය. වටිනාකම වැඩිවීම නිසා උපරිම ලාභය ලබති.
3). ජපානයෙ අපනයන සහතික ගැනීමට පෙරත්, ලංකාවට ආවට පසුත් වාහනයෙ මීටරය කරකවා( 150,000km දුවපුවා 12,000km ලෙස වෙනස් කරනවා) පාරිභෝගිකයාව මුලාවෙ දමා වාහන විකිනීමට කටයුතු කරති.
4). රාජ්‍ය ආයතනවල වාහන, පාවිච්චි කර විකුණන වාහන සහ ආනයනය කරන වාහන වල සුලභව මීටර් කරකවන අයට කිසිම දඬුවමත් මෙරට නැත. වෙන රටක දඩය කෝටි දෙකයි. බලපත්‍රයත් අහොසි කරයි. ප්‍රසිද්දියෙ වැඩෙකරන මේ අය ක්ලීන් කරන්නෙ කවදාද?
5). තලන්න දාන වාහනත් නැවත හදලා මෙරටට ආනයනය කර අධික ලාභ ලබා, ප්‍රාරිභොගිකයා නැත්තටම නැති කිරයි.(Auction grade R වාහන සුලභව ආනයනය කරයි. Grade 4 වලින් උඩ වාහන ආනයනය කලයුතුයි)
වාහන ආනයනයෙදී Euro standard අනුගමනය කලයුතුයුය. එමගින් මාර්ග අනතුරු අඩුවි පාරිභෝගිකයාද ආරක්ෂාවෙ.
6). නීතියෙ හැම හිලකින්ම රිංගා wharf Clerk හරහා පගා ගහන රේගුවගැන සොයා බැලුවාද? ඇහුවොත් කියන්නෙ අපි දන්නෙ නෑ, Wharf ලා නම් සල්ලි ගන්නව ඇති කියලාය. මේක තමයි රටෙ වෙන ලොකුම හොරකම.
7). සෑම වාහන ලියාපදිංචියකින්ම පාගාව ගන්න, RMV එකගැන මේ දක්වා කිසිම වැඩපිලිවෙලක් නැත. අයිතිකරු ලියාපදිංචියට පැමිණි විට නීතිවැඩිකර, හිතවත් නියොජිතයෙක් හරහා එනවිට නීති ලිහිල්කර පගාව ගැනීම නතර කල යුතුයි.
එහි සේවකයන් මෙම පගා මුදල් අනිවාර ආධායමක් කරගෙන ඇත. ආනයනට පෙර මෙ සඳහා ගත් ක්‍රියාමාර්ල කවරේද?
8). මෙරට ඒජන්සි(Manufacturer) වෙනත් රටක වාහන නිෂ්පාදනය කොට, තත්ත්වයෙන් බාල උපකරණ දමා නිෂ්පාදන වියදම අඩුකරගනී. ඉනිපසුව ආනයනයේදී බදු අඩුකර ගැනීමට, අඩු valuation දමා ආනයනය කර ඉතා විශාල ලාභ උපයයි.
9). වෙනත් රටක නිෂ්පාදනය කොට ජපානයට transite allow කර, ලංකාවට ආනයනය කරයි. ඉන්පසුව එම වාහනයට “Made in Japan” ලෙස අලුතෙන් ලේබල් කිරයි. ජර්මනියෙත්, වෙනත් දියනු රටවලත් නම්, මේ ආකාරයට නිශ්පාදකයො යොදා ගනිති. පෙනෙන බාල තත්ත්වය මගහැරීමට, මේවා ලංකාවෙ දේශගුනයට හරියන විදියට නිෂ්පාදනය කරලා තියෙනවා කියලා, පාරිභෝගිකයා මුලාකර වාහන විකුණා, අඩික ලාභ ලබයි. හැම ආණ්ඩුවක් යටතේම මොහුන් කරන ලොකුම බොරුව මෙයයි. Chassis number එකෙන් හරියටම රට බලාගත හැක.
10). අවුරුදු තුනක් ඇතුලත වාහනයක් ආනයනය කිරීමට යන වියදමෙන්, අවුරුදු 7 කට අඩු වාහන දෙකක් ආනයනය කර, ආණ්ඩුවට “බදු මුදල දෙගුනෙක්” ලෙස උපයා ගැනීමට හැකියාව ඇත. උපදෙස් දෙන නිලධාරීන් රජයට කරන ලොකුම පාඩුවද මෙයයි.
11). ව්‍යාපරික ස්ථානයේ ලිපිනයෙන්ම වාහන ආනයනය කරන ආයතනයක් ලෙස රජයෙ ලියාපදිංචි ඇති ආයතන වලට පමණක් වාහන ආනයනය කිරීමට අවසර දිය යුතුයි. එවිට ආනයනය සීමා වීමත්, ආදායම් බදු නිසිලෙස එකතු කරගැනීමටත් රජයට පහසු වනු ඇත. පාරිභෝගිකයාටද වගකියනු ඇත.
12). 2020 වාහන ආනයනය කිරීමේදි, P B ජයසුන්දර මහතාගෙ වැරදි තීරන මත හදිසියේම එය නවතා දැමුවාය. එමගින් අපනයන කරුත්, ආනයන කරුත්, පාරිභෝගිකයනුත් සහ මෙරට බැංකුත් අගතියට පත්වුවෝය. එම පාරිභෝගිකයාත් එම ආයතනත් වෙනුවෙන් කිසිම පියවරක් මේ දක්වා ආණ්ඩුව අරගෙන නැත.
13). මේ රජය බලයට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන් 80% කින් දායක වුහ. එම නිලධාරීන් 2020 දී රජය ලබාදුන් බලපත්‍ර නිසා, තම පරණ වාහනය විකුණා, අලුත් වාහනයක් ගන්න සැරසෙනවාත් සමගම ජයසුන්දර මහතාගෙ හදිසි තහනමට ලක්වි අගතියට පත්විය. අඩුම කරමින්වත් 2020 සේ පර්මිට් වලටවත් වාහන ආනයනය කිරීමට ආදර්ශමවත් රජයක් විදිහට අවසර දිය යුතුයි. ඉතිරි අයට කඩින් කඩ අවසරදී, එම ප්‍රමාණය පාලනය කරගතහැක.
14). ජනාධිපතිතුමා, නිලධාරීන්ට සවදී අවුරුදු 5ක් ඇතුලත බස් ආනයනයට අවසර දුන්නේය. වෙනත් රටවල අඩු ප්‍රමිතියෙන් වාහන නිශ්පාදනය කරන නියොජිතයන් දෙන්නෙක් විතර බස් ගෙන්වති. අවුරුදු 5 ඇතුලත සැබැ ජපන් (original) වාහනයක මිල අධික නිසා, කිසිම පෞද්ගලික ආනයන කරුවෙකුට ගෙන්විය නොහැක. පාරභෝගිකයො කැමති ජපන් වාහන වලටය.
ඒ සඳහා උපදෙස් ගත්ත නිරධාරීන්ගෙන් ඉදියෙ ආනයන සඳහා උපදෙස් ගැනීම හාස්ය ජනකය.
15). සියලුම වාහන විකිණීමේදි සහ පැවරීමේදි, පිලිගත් ආයතනයකින් ගමන් යෝග්‍යතා සහතිකයක් (Roadworthy certificate)ලබාගත යුතුයි. සහතිකය දීපු ආයතනය මාස තුනන්වත් වගකිව යුතුයි. මෙමගින් පාරිභෝගිකයා ආරාක්ෂාවෙ. මාර්ග අනතුරු බොහො අඩුවනුඇත. දියුනු රටවල මෙය අනිවාර්‍යවෙ.
තවත් බොහො අදහස් ඇත. මේටිකවත් හරියට කලහොත් ආනයන කරුවනුත්, පාරිභෝගියෝත් සුරක්ශිතවෙ. මමත් වාහන ආනයනය සඳහා අවුරුදු 5ක් තිස්සේ බලා සිටියෙමි. සාධාරණ සමාජයක සාධාරණ ව්‍යාපාරයක් කිරීමට මෙ ආණ්ඩුවෙන් මා බලා පොරොත්තුවෙමි. මේ ආණ්ඩුවෙන්වත් එසෙ කල නොහැකිනම් ව්‍යාපරය විකුණා දමා රට හැරයාමට මා තරයෙ තීරණය කර ඇත.
ඉහත කරුණු උදාහරණ සහිතව පැහැදිලි කිරීමට අවශ්‍යනම්, ඔබතුමාට කරුණු දැක්වීමට මා සුදානම් බවද දන්වමි. NPP රජයකින් මා බලාපොරොක්තු වූයෙ ඉහත කරුණුවලට සාර්ථක විසඳුම් සහිත වාහන ආනයනය කරන රජයකි. ඔබතුමා තවමත් ප්‍රමාද නැත. සියලු පාරිබෝගියන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න.
මෙයට විස්වාසී,
සුජීව යකුපිටිය.
උපුටා ගැනීම අවසන්