Monday, February 3, 2025

General line - 0115112241

දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට




තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සන්තකව සිටි කාන්තාවක් අද අළුයම කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.   

ඒ අනුව ඇය සන්තකයේ තිබී තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 47,000 ක් සොයාගෙන තිබෙනවා. ඩුබායිහි සිට දිවයිනට පැමිණ ඇති එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදීයි. 

ඇය හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපල ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.