Monday, February 3, 2025

General line - 0115112241

හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි




මෙරට ප්‍රමුඛතම පෙළෙ ව්‍යාපාරිකයෙකු වන හැරී  ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

අභාවප්‍රාප්ත වන විට ඔහු 82 හැවිරිදියේ පසු වුණා.

1942 අගෝස්තු 17වන දින උපත ලැබූ හැරී ජයවර්ධන මහතා  මුලින්ම කොළඹ බ්‍රිතාන්‍යයට අයත් තේ අපනයන සමාගමකට තේ වෙළෙන්දෙකු ලෙස සම්බන්ධ වී තිබෙනවා.

පසුව 1970 ගණන්වල ශ්‍රී ලංකාවේ තේ අපනයන ඒකාධිකාරය පාලනය කළ තේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට ඔහු පත්ව තිබුනා.

ඔහු 1977 සැප්තැම්බර් 7 වන දින ලංකා තේ අපනයනය කිරීම සඳහා ස්ටැසන් අපනයන සමාගම ආරම්භ කරනු ලැබුවා.