Monday, February 3, 2025

General line - 0115112241

රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් කුම්භමේලා උත්සවයට එක්වෙයි




විදෙස් රටවල් 77 ක රාජ්‍ය තාන්ත්‍රිකයින් ද ඇතුළත්ව 118 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඉකුත් සෙනසුරාදා ඉන්දියාවේ මහා කුම්භමේලා උත්සවයට සහභාගී විය.

එම පිරිස අතරට ඉන්දියාවේ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඇතුළත්.

එම අවස්ථාවට එක්වෙමින් ඉන්දියාවේ ස්ලෝවැක් තානාපති රොබට් මැක්සියන් මෙම උත්සවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සුබ පැතුම් එක් කළේය.

 “මම හරිම සතුටුයි. මෙම ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික උත්සවය සංවිධානය කිරීම ගැන ඉන්දීය රජයට සුබ පතන්න මට අවශ්‍යයි... මම ඉන්දියාවේ රසිකයෙක්. ඉන්දියාව මගේ දෙවැනි නිවහන හා සමානයි,” ඔහු පැවසීය.

ඉන්දියාවේ ආර්ජන්ටිනා තානාපති මරියානෝ කවුසිනෝ ද උත්සවයට සහභාගී වීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කළේය.

“මෙම වැදගත් උත්සවයට සහභාගී වීමට සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා,” ඔහු පැවසීය.

විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණීමත් සමඟ භාරතීය ජනතා පක්ෂයේ නායක සිද්ධාර්ත් නාත් සිං පැවසුවේ “තානාපතිවරු, මහ කොමසාරිස්වරු මහ කුම්භයට සහභාගි වීමට පැමිණ තිබෙන බවයි. 

''අපි ඔවුන්ව සාදරයෙන් පිළිගත යුතුයි. හැමෝම මහත් සතුටින් මේ සඳහා සහභාගී වෙනවා'' ඔහු පැවසීය.

ඉන්දියාවේ සිම්බාබ්වේ තානාපතිනි ස්ටෙලා න්කොමෝ පැවසුවේ මෙය "ජීවිතයට වරක් අත්විඳින අත්දැකීමක්" බවයි.

"රාජ්‍යතාන්ත්‍රික ජීවිතය යනු සංස්කෘතික සහ පොදු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ලුහුබැඳීම ද වේ.'' ඇය පැවසුවාය.

''මෙය අපි ඉන්දියාව ගැඹුරින් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක්... අපට සත්කාරකත්වය ලබා දීම ගැන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අපි කෘතඥ වෙනවා.” ඇය පැවසීය.