ශ්‍රී ලංකා පොලිසියේ වසර 158ක ඉතිහාසයේ ප්‍රථම වරට දිස්ත්‍රික්කයක් අධීක්ෂණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත්කර තිබෙනවා
ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්
මීට පෙර පොලිස් සුබසාධන කොට්ඨාශයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය එලෙස පත්කර ඇත්තේ
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම පත්වීම සිදු කර ඇති අතර කළුතර පොලිසියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්.එල් විජේසේන සුබසාධන කොට්ඨාශ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා