Monday, February 3, 2025

General line - 0115112241

කෝවිලක තොරණක් කඩාවැටි පුද්ගලයෙකු මරුට 




බණ්ඩාරවෙල, ක්‍රේග්වත්ත ඉහල කොටස ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පොලිසිය පැවසුවේ අලු‍ත්වැඩියා කරමින් තිබූ කෝවිලක තොරණක් කඩාවැටී එම අනතුර සිදුව ඇති බවයි. 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාල කෝවිලේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙක්. 

ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.