Monday, February 3, 2025

General line - 0115112241

දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්




සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 242ක දැවැන්ත පරාජයක් හිමි වීමත් සමඟ එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ආබාධ තත්ත්වයක් හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද දෙවන ටෙස්ට් තරගයට සහභාගී වන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පැවසුවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමට සිදු වූයේ සිය කණ්ඩායමේ පිතිකරණයේ තිබූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 06 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.