Monday, February 3, 2025

General line - 0115112241

සුළං බලාගාර කුළුණක තටුවක් කඩා වැටී නිවාස දෙකකට හානි

ජූඩ් සමන්ත




සුළං බලාගාර කුළුණක තටුවක් කඩා වැටීමෙන් නිවාස දෙකකට හානි සිදුවී ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා. 

පුද්ගලික සමාගමක් විසින් කල්පිටිය, තුඩාව ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සුළං බලාගාර කුළුණක තටුවක් එලෙස කඩා වැටී තිබෙනවා.  

මීටර් 100ක් පමණ උසකින් යුත් බලාගාර කුළුණට සවිකර ඇති එක් තටුවක් මීටර් 40ක පමණ දිගකින් යුක්ත බවයි පොලීසිය පැවසුවේ.  

තටුව කඩා වැටීම හේතුවෙන් ඒ ආසන්නයේ තිබූ තාවකාලික නිවාසයකට සහ ස්ථීර නිවාසයකට එලෙස හානි සිදුවී තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල කිසිවෙකුත් රැදී සිට නැහැ. 

නිෂ්පාදන දෝෂයක් නිසා එම සුළං බලාගාර කුළුණේ තටුව කඩාවැටෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.     

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සුළං විදුලි බලාගාරවල උපාංග නිෂ්පාදනය කරන ඉන්දීය සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.