Monday, February 3, 2025

General line - 0115112241

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ළඟදීම




රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස .'GovPay'. පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබෙනවා. 

එම සමාරම්භක උත්සවය ලබන 07 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය එමඟින් අපේක්ෂා කෙරෙනවා.