පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම සඳහා පවතින ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.
ජාතීන් අතර පැවති ගැටළු උග්‍ර වී සිවිල් යුද්ධයක් ඇති වීමට ඒකාධිපති පාලන ක්‍රමය හේතු වූ බවයි කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ.
77 වන නිදහස් දිනය නිමිත්තෙන් බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ අද පැවති දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමියන් මෙම අදහස් පළ කළා.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.
සැබෑ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ නව පරිවර්තනයක් සිදු විය යුතුව ඇති බවත් ජාතිවාදය ආගම්වාදය තුරන්කර සියලු ජනතාවට භුක්ති විඳිය හැකි සැබෑ නිදහසක් ළඟා කරදීමට රජය ඇතුළු සියලු පාර්ෂව කටයුතු කළ යුතු බවත් අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.