ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ අමෙරිකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ධවල මන්දිරය පැවසුවේ මෙම දෙදින නිල සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මුණගැසීමට නියමිත බවයි.
ඒ අනුව ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අමෙරිකාවට පැමිණෙන තුන්වන රාජ්‍ය නායකයා වන්නේ නරේන්ද්‍ර මෝදියි.
මෝදිගේ අමෙරිකානු නිල සංචාරය පිළිබඳ පළමුවරට තොරතුරු වාර්තා වූයේ අමෙරිකාවේ සිටින නීති විරෝධී ඉන්දියානුවන් පිටුවහල් කිරීම ආරම්භ කළ දිනයේදී වීම විශේෂත්වයක්.
මෝදිගේ අමෙරිකානු සංචාරයේදී නීති විරෝධ සංචාරකයින් සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතයි.
නීතිවිරෝධී විදෙස් සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රතිපත්තියක්.
ඒ අනුව නීතිවිරෝධී ලෙස අමෙරිකාවට ඇතුළු වූ බවට චෝදනා ලැබූ ඉන්දීය ජාතිකයින් 104 දෙනෙකු රැගත් අමෙරිකානු හමුදා ගුවන් යානයක් පන්ජාබ් ප්‍රාන්තයට ඊයේ පැමිණ තිබෙනවා.
එලෙස නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වූ බවට විශ්වාස කරන ඉන්දියානු ජාතිකයින් 18,000ක් පමණ අමෙරිකාව විසින් හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.