ඊජිප්තුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය Badr Abdelatty දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේදී ඉන්දියාවට පැමිණෙන ඔහු හෙට දිනය දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇති.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊජිප්තු විදේශ අමාත්‍යවරයා පෙබරවාරි 6 වනදා අලුයම නවදිල්ලියට පැමිණෙන බවයි.
අනතුරුව ඔහු අද දහවල් ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු රාෂ්ට්‍රපති භවන්හිදී හමුවීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව, ඔහු හයිද්‍රාබාද් මන්දිරයේදී විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමුවීමට නියමිතය.
පෙබරවාරි 7 වැනිදා අලුයම ඔහු පිටත්ව යාමත් සමඟ සංචාරය අවසන් වේ.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන සබඳතා ශක්තිමත් කිරීම සහ අංශ කිහිපයක් ඔස්සේ එකඟතා සඳහා එළඹීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.