මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
35 හැවිරිදි ඔහු ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.