සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.
ඊයේ දිනයේ තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 03ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියා.
ඇලෙක්ස් කේරි ලකුණු 139ක් සහ නායක ස්ටීවන් ස්මිත් ලකුණු 120ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.
උස්මන් කවාජා ලකුණු 36ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 21ක් රැස් කළා.
මානස් ලැබුෂේන් දැවී ගියේ ලකුණු 04ක් ලබා සිටියදීයි.
පන්දු යැවීමේදී නිශාන් පීරිස් කඩුලු 02ක් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳ හෙළුවා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණඩායමේ පළමු ඉනිම ලකුණු 257කට සීමා වුණා.
කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්. දිනේෂ් චන්දිමාල් ලකුණු 74කට දැවී ගියා.
සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.
රමේෂ් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 28ක් රැස් කර සිටියදීයි.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, නේතන් ලියෝන්, මැතිව් කුනේමන් කඩුලු 03 බැගින් දවා ගත්තා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 73ක් ඉදිරියෙන් පසුවනවා.