මෙරටදී අපරාධ සිදු කර විදෙස් රටවල සැඟව සිටින අපරාධකරුවන් 65 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලීසිය පවසනවා.
ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
ඒ යටතේ ඩුබායිහි සැඟව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේ දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එම සැකකරුවන් මෙරට මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කොට දිවයිනෙන් පලා ගොස් ඩුබායිහි සැඟව සිටි බවයි පොලීසිය පැවසුවේ.