ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියේ නම් සඳහන් සැකකරුවන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවයි නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දොර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති බවයි මීට පෙර වාර්තා පළ වුණේ.
අධිකරණයේ විභාග වන නීතිකෘත්‍යයට අදාළව එම සැකකරුවන් තිදෙනාට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවද අදාළ ලිපියේ සඳහන්ව තිබූ බව වාර්තා පළව තිබුණා.
කෙසේවෙතත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් සංසරණය වන එම ප්‍රකාශවල පවතින අන්තර්ගතය නීතිපතිවරයා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කර ඇති විමර්ශන උධෘත හා නොගැළපෙන බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය නෙත් නිවුස් ඩොඩ් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.