දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුමේදී සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.
නීතිඥවරයෙකු පැදවූ මෝටර් රථයක් එලෙස ගිනි ගෙන ඇති බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පැවසුවේ.
ඔහු සිය බිරිඳ සහ මව සමග ගාල්ල ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගි වීමට අතුරුගිරිය පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිස තිබෙනවා.
ගාල්ල දෙසට මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී දොඩංගොඩ පිවිසුම ආසන්නයේදී එහි අනතුරුදායක බල්බය දැල්වී ඇතැයි පොලිසිය පැවසුවා.
නීතිඥවරයා දොඩංගොඩ පිවිසුමෙන් පිටතට මෝටර් රථය පදවා නතර කර ඔහු සහ බිරිඳ මෙන්ම මව එයින් බැස සුළු වේලාවක් ගතවීමත් සමගම එය ගිනිගෙන තිබෙනවා.
බණ්ඩාරගම ගැලණිගම ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න නිවා දැමූ බවයි පොලීසිය පැවසුවේ.