Saturday, February 8, 2025

General line - 0115112241

නිවාසවලට ලැබුණු වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව කෝටි 7ක් ලැබුණු හිටපු මන්ත්‍රීවරයෙක් කියයි




අරගල සමයේ සිය නිවාස ගිනි තැබීම සහ අලාභහානි කිරීම සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්‍ෂ 709 ක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ සිය දේපළවලට සිදුවූ අලාභය වෙනුවෙන් ලැබී තිබුණේ තක්සේරු මුදලින් තුනෙන් එකක් පමණක් බවයි.


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.