Saturday, February 8, 2025

General line - 0115112241

‘අමාන් - 2025’ බහුපාර්ශවික අභ්‍යාසය ඇරඹේ




පාකිස්ථානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධානය කරනු ලබන අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසය ආරම්භ වී තිබෙනවා 

ඒ පාකිස්ථානයේ කරච්චිහි නාවික වරාය පරිශ්‍රයේදී 

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නා‍වික නෞකා විජයභාහු නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නාවික හමුදා සාමාජිකයන් සහභාගී විය. 

2025 පෙබරවාරි මස 07 සිට පෙබරවාරි මස 11 දින දක්වා පාකිස්ථානයේ කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි.

මෙම නවවැනි අමාන් - 2025 (AMAN - 2025) බහු පාර්ශවික අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඇතුළු කලාපීය හා කලාපයෙන් ඔබ්බෙන් වූ රාජ්‍යයන් 60ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය ක්‍ෂෙත්‍රයේ විද්වතුන් සහ සමුද්‍රීය පාර්ශවකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණා.