Saturday, February 8, 2025

General line - 0115112241

රටට හිතකර ඇතැම් වෙළඳ ගිවිසුම්වලට එළඹිය යුතු බව ජනපති කියයි




රටට හිතකර යම් නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ඒ අනුව මේ වන විටත් ප්‍රධාන වෙළඳ ගිවිසුම් දෙකක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇති බවයි 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ.  


තමන් හෝ අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකු ව්‍යාපාර සිදු නොකරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.