ශ්‍රී ලංකා පිතිකරුවන් තවදුරටත් මෙවැනි දඟ පන්දු යවන්නන්ටම උචිත තණතිලිවල පමණක් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනවා ද නැතහොත් වෙනත් සුදුසු තණතිලි සොයාගන්නවාදැයි යළි සිතා බැලිය යුතු බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඕස්ටේ්‍රලියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස පරාජය වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය ගාල්ල තණතීරුව තුලදීම ශ්‍රී ලංකා පිලට මෙවන් අවසානාවන්ත පරාජයක් අත්වීම පිළිබඳ මේවන විට ක්‍රීඩා ක්ෂ්ත්‍රෙයේ කතාබහක් මතුව තිබෙනවා.
ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතිලිවල දක්වන දක්ෂතා පිළිබද යළි විමසා බැලිය යුතු බවයි.
ශ්‍රී ලංකා පිතිකරුවන් දඟ පන්දු යවන්නන්ට හිතකර තත්වයන් යටතේ පිතිකරණය කරන නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ පිතිකරණ සාමාන්‍යයන් ද අනෙක් රටවල පිතිකරුවන්ට වඩා අඩු බවයි ධනංජය ද සිල්වා පවසන්නේ.
2020 සිට ශ්‍රී ලංකාව සිය රටේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ 19න් 15ක් ගාල්ලේදී ක්‍රීඩා කර තිබෙනවා.
එම තරඟ 15න් 07ක් ශ්‍රී ලංකාව පරාජය වී 08ක් ජයග්‍රහණය කර ඇති අතර එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව ගාල්ලේදී ශ්‍රී ලංකාව පරාජය කර තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.