ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සහ ඕමාන විදේශ අමාත්‍ය Badr Albusaidi අතර ද්විපාර්ශවීය සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ඒ ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ඕමාන සංචාරයට සමගාමීවයි.
එස් ජයශංකර් 8 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ඕමාන අගනුවරට පැමිණ තිබුණා.
එහිදී ඔවුන් වෙළඳාම, ආයෝජන සහ බලශක්ති සුරක්ෂිතභාවය පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.
"වෙළඳාම, ආයෝජනය සහ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අපගේ සහයෝගීතාවය පිළිබඳව පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වීය," ඉන්දීය විදේශ අමාත්‍යවරයා x පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සමරමින් ඔවුන් දෙදෙනා එක්ව ලාංඡනයක් ද නිකුත් කර තිබේ.
ඔවුන් එක්ව ‘Mandvi to Muscat: Indian Community and the Shared History of India and Oman’ නමින් පොතක් ද නිකුත් කළහ.
ඕමාන් රජයට අනුව, 2024 අගෝස්තු වන විට දළ වශයෙන් පුද්ගලයන් 664,783 ක් සිටින සැලකිය යුතු ඉන්දියානු ප්‍රජාවකට ඕමානය සත්කාරකත්වය සපයයි.