Thursday, September 19, 2024

General line - 0115112241

ශ්‍රී ලනිපයට ජය ගේන්න අලුත් වැඩපිළිවෙලක්




ඉදිරි මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තුළ නව පරපුරට වැඩි ප‍්‍රමුඛත්වයක් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියසිටියා.

ඉදිරි මැතිවරණ ජය ගැනීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තුළ වෙනස්කම් රැසක් සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.